What is a Capital Market? ප්‍රාග්ධන වෙළදපොළ යනු කුමක් ද?

ප්‍රාග්ධන වෙළදපොළක් යනු කුමක්ද?

ඔබ දිගුකාලීන ලාභ අපේක්ෂාවෙන් ඔබගේ ඉතිරිකිරීම් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ප්‍රාග්ධන වෙළදපොළ යනු කුමක් ද? යන්න පිළිබද හොද දැනුමක් සහ අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වනවා.අපගේ පෙර ලිපිමගින් වෙළදපොළක් යනු කුමක්ද? මුල්‍ය වෙළදපොළක් යනු කුමක්ද?  , මුදල් වෙළදපොළක් යනු කුමක්ද? යන්න පිළිබද විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළා. එසේනම් තවදුරටත් මුල්‍ය වෙළදපොළ තුල ක්‍රියාත්මක වන තවත් එක් ප්‍රධාන වෙළදපොළ ක්‍රමයක් වන ප්‍රාග්ධන වෙළදපොළ පිළිබද විස්තරාත්මකව සලකා බලමු.

 

What is a Capital Market? ප්‍රාග්ධන වෙළදපොළ යනු කුමක් ද?

රජයට සහ විශාල ව්‍යාපාර සමාගම් සදහා අවශ්‍ය අරමුදල් සපයන වෙළදපොළයි. මෙහිදී වසරකට වඩා කල්පිරීමක් ඇති  මුල්‍ය උපකරණ ගනුදෙනු වේ.ප්‍රාග්ධන වෙළදපොළ ප්‍රාථමික සහ ද්විතීක ලෙස වර්ගීකරණය වේ.ප්‍රාථමික වෙළදපොළ තුල මුලික කොටස් නිකුතුන්, ප්‍රාරක්ෂණ කටයුතු සහ ද්විතීක වෙළදපොළ තුල හිමිකම් උපකරණ හිවමාරුව සිදුවේ.ප්‍රාග්ධන වෙළදපොළ ආයෝකයන් හට ලාභාංශ හා ප්‍රාග්ධන ලාභ හිමි වේ.

 

ප්‍රාග්ධන වෙළදපොළ තුල ඇති උප වෙළදපොළ

  1. කොටස් වෙළදපොළ
  2. දිගුකාලීන ණයකර වෙළදපොළ
  • රජයේ බැදුම්කර වෙළදපොළ
  • පුද්ගලික බැදුම්කර වෙළදපොළ
  1. අක්වෙරළ දිගුකාලීන ණය වෙළදපොළ

 

කොටස් වෙළදපොළක් යනු කුමක් ද?

කොටස් වෙලඳපොලක් යනු, ආයෝජකයින් විසින් මිලකල සමාගම් වල කොටස් මිලට ගන්නා හා විකුණන ස්ථානය වේ. ලියාපදිංචි රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර ආයතන සදහා අවශ්‍ය ප්‍රාග්ධනය රැස්කර ගැනීම සදහාත් ඕනෑම පුද්ගලයෙකුට ආයෝජනය සදහා ඔවුන්ගේ ඉතිරිකිරීමේ මුදල් තවත් ඉතිරිකිරීමේ මාර්ගයක් ලෙස කොටස් වෙළදපොළ තුල පවත්වාගෙන යයි.

ලංකාවේ ආර්ථිකයට වඩා ඵලදායී හා වැදගත් වන ආකාරයට ඉතිරිකිරීම් ආයෝජන සදහා යොමු කිරීම කොටස් වෙළදපොළ මගින් සිදු වේ.ආයෝජකයන්ට තම ආයෝජන සදහා හොද ප්‍රතිලාභ ලබාගැනීමටත්,ව්‍යාපාරික ආයතන සදහා තම ප්‍රාග්ධනය රැස්කර ඔවුන්ගේ ව්‍යාපාර දියුණුකර ගැනීමටත් කොටස් වෙළදපොළ ක්‍රියාත්මක වේ.

ආයෝජකයෙකුට කොටස් වෙළදපොළ තුල කෙටිකාලීන ප්‍රතිලාභ මෙන්ම දිගුකාලීන ප්‍රතිලාභ ද ලැබිය හැකියි. තවදුරටත් කොටස් වෙළදපොළ පිළිබද විස්තරාත්මකව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් ප්‍රකාෂ කරන ලද අධ්‍යාපන මගපෙන්වීම් ලිපි මගින් තව දුරටත් අධ්‍යනය සදහා (මෙතනින් ) ක්ලික් කර සම්බන්ධ වන්න.

 

Related Posts