What is a Market? වෙළදපොළක් යනු කුමක් ද?

වෙළදපොළක් යනු කුමක්ද?

වෙළදපොලක් යන්න පිලිබදව හොද අවබෝදධයක් ලබා ගැනීමත්, වෙළදපොළක් තුලින් අත්කරගත හැකි ප්‍රතිලාභ පිලිබදවත්  ආයෝජකයකුට පමණක් නොව වර්තමානයේ එය සාමාන්‍ය ඕනෑම පුද්ගලයකුට ඉතාමත් වැදගත් මාතෘකාවකි. ඒ ඇයි? ඔබ ව්‍යාපාරයක නිරත වුවත් නැතත් සාමාන්‍ය පුද්ගලයකු ලෙස ඔබට මේ පිළිබද හොද දැනුමක් ලබා ගැනීම තුලින් ඔබගේ ඉතිරිකිරීම් ඵලදායී ලෙස ආයෝජනය කිරීමටත් ඔබගේ  මුල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කරගැනීමට මෙමගින් අවකාශයක් ලැබේ.එසේ නම් අපගේ ලිපි පෙළ පිළිවෙලින් පරිශීලනය කිරීමෙන් ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට ඔබට සාදරයෙන් ආරාධනා කර සිටෙන්නෙමු.

වෙළදපොළක් යනු කුමක් ද?

වෙළදපොළක්  යනු කවරෙක් දැයි සරළ ලෙස පොදු අදහසක් මෙලෙස ගත හැකියි.

එනම් යම් භාණ්ඩයක් හෝ සේවාවක් සදහා ඇති ඉල්ලුමත් සැපයුමත් අරඹයා ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්  එකතුව ගණුදෙනු කරන ස්ථානයක් හෝ මධ්‍යස්ථානයක් ලෙස පොදුවේ හදුනාගත හැකියි. නමුත් වෙළෙදපොළ යන්න පිළිබද විවිධ අරුත් විෂයෙන් විෂයට වෙනස් වේ.උදාහරණයක් ලෙස ආර්ථික විද්‍යා විෂය තුල එක් ලෙසකත් අලෙවිකරණ විෂය තුල වෙනත් ලෙසකත් වෙනස් අයුරින් අධ්‍යාපනික වශයෙන් යොදා ගැනේ. පොදුවේ වෙළෙදපොළ යන්න පිළිබද ඉහත සදහන් අර්ථය සදහන් කළ හැකියි.

වෙළෙදපොළක් යන්න ගැන විග්‍රහ කිරීමේදී වෙළෙදපොළක් යනු කුමක් ද? වෙළෙදපොළ තොරතුරු නිවැරදිව දැනගැනීම,වෙළදපොළ විශ්ලේෂණය,වෙළදපොළක නව ප්‍රවණතා පිළිබද අධ්‍යනය ව්‍යාපාරිකයෙකුටත්   ආයෝජකයෙකුටත් ඉතාමත් වැදගත්ම කාරණයක් ලෙස සැළකිය හැකියි.වර්තමාන දියුණු සහ තරගකාරී වාණිජ ලෝකය තුල වෙළදපොළ යන්න ඉතා සංකීර්ණ සහ පුළුල් විෂයක් ලෙස විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සංවර්ධනය වී නව පරිවර්තනයන්ට ලක්වෙමින් භාණ්ඩ හා සේවා වෙළදපොළට අමතරව මුල්‍ය වෙළදපොළ තුල නව ආයෝජන අවස්තාවන් සහ ක්‍රමවේදයන් බිහිවීම මගින් ඕනෑම කෙනෙකුට පහසුවෙන් වෙළදපොළක ක්‍රියාකාරිත්ව මත තම ඉතිරිකිරීම්  ආයෝජනය කර  ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව පවතී.

මෙහෙදී කැපිපෙනෙනුයේ තොරතුරු තාක්ෂණ යුගයේ දියුණුවත් සමග ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර හමුවිමකින් තොරව අන්තරජාලය හරහා ස්වයංක්‍රීයව ගණුදෙනු සිදු කර ගැනීමට හැකියාව සහ පහසුව ලැබීම  මගින් ඉතා කාර්යක්ෂමව කටයුතු කිරීමට හැකියාව ලැබීමත් , මුල්‍ය ක්ෂේත්‍රය තුල ඇති වූ නව පරිවර්තනිය වෙනස්කම් තුලින් නව ආයෝජන අවස්ථාවන් බිහිවීමත් මගින්  ලෝකය පුරා සිටින ව්‍යාපාරිකයන්හටත් සාමාන්‍ය ජනතාවටත් ගෝලීය මට්ටමින් වුවද වෙළදපොළ ක්‍රියාකාරිත්වය මත තම ආයෝජනයන් සිදු කිරීමට අවස්ථාව උදාවීමයි. .ඔබ ව්‍යාපාරිකයෙක් නොවුවත් ඔබට ආයෝජකයකු ලෙස සම්බන්ධ වීමෙන් වෙළෙදපොළක් තුලින් ප්‍රතිලාභ අත්කරගත හැක. එනම් අප ඕනෑම කෙනෙකුට ඉතිරිකිරීම් යනු අත්‍යාවශ්‍ය දෙයක් වන අතර එම  ඉතිරිකිම් ඵලදායී ලෙස උපයෝජනය කිරීමත් ඉතා වැදගත් වේ. මෙහෙදී ඇතැම් විට කෙනෙකුට ඔහුගේ ඉතිකිරීම් මුදල් යොදා තමන්ගේම ව්‍යාපාරයක් කිරීමට දැනුමක් හෝ කළමනාකරණ හැකියාවක් නොමැති වීමට පුළුවන්, එවන් විටකදී ඔහුට පුළුවන් මුල්‍ය වෙළදපොළ හරහා තම මුදල් ආයෝජනය කර ඒ සදහා හොද ප්‍රතිලාභ ලබා ගැනීමට

මෙහෙදී අප විසින් මේ සාමාන්‍ය භාණ්ඩ හා සේවා වෙළදපොළට ඔබ්බෙන් ඇති මුල්‍ය වෙළදපොළ හදුනාගැනීම සහ ඒ  පිළිබද හොද  අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් වනවා. මුල්‍ය වෙළදපොළ තුල ක්‍රියාත්මක සියලු උප වෙළදපොළ  ක්‍රමයන් පිළිබද එකින් එක විස්තර කිරීමක් සහ පැහිදිලි කීරීමක් කිරීමට අප විසින් බලාපොරොත්තු වන අතර මේ සියලු මාතෘකා පිළිවෙලින් පරිශීලනය කරන ලෙසට අප විසින් ඔබට ආරාධනා කර සිටෙන්නෙමු.

වෙළදපොළ වර්ග

1.භාණ්ඩ හා සේවා වෙළදපොළ

2.මුල්‍ය වෙළදපොළ

i)ප්‍රාග්ධන වෙළදපොළ

  • කොටස් වෙළදපොළ
  • දිගුකාලීන ණයකර වෙළදපොළ
    • රජයේ බැදුම්කර වෙළදපොළ
    • පුද්ගලික බැදුම්කර වෙළදපොළ
  • අක්වෙරළ දිගුකාලීන ණය වෙළදපොළ

ii) මුදල් වෙළදපොළ

– සංවිධිත මුදල් වෙළදපොළ

  • අභ්‍යන්තර විදේශ විනිමය මුදල් වෙළදපොළ
  • අන්තර් බැංකු එක්ෂණ මුදල් වෙළදපොළ
  • එතෙර බැංකු කටයුතු වෙළදපොළ
  • මහ බැංකු ප්‍රතිමිල දී ගැනුම් වෙළදපොළ
  • භාණ්ඩාගාර බල්පත් ප්‍රාථමික හා ද්විතීක වෙළදපොළ
  • භාණ්ඩාගාර බිල්පත් සදහා මහා බැංකුවේ ප්‍රති මිලදී ගැනීම් සහ විකුණුම් වෙළදපොළ
  • වාණිජ පත්‍රිකා වෙළදපොළ
  • වාණිජ බැංකුවල කෙටිකාලින ණය වෙළදපොළ

– අසංවිධිත මුදල් වෙළදපොළ

  • පෞද්ගලික යැපුම් ණය සපයන පුද්ගලයින් සහ ආයතන
  • පෞද්ගලිකව ගිනි පොලියට ණය සැපයීම
  • සීට්ටුකරුවන්
  • උකස්කරුවන්
  • සූදු, රේස් හා ඔට්ටුකරුවන්

 

Related Posts