What is a Money Market? – මුදල් වෙළදපොළ යනු කුමක්ද?

මුදල් වෙළදපොළක් යනු කුමක්ද?
අපගේ පළමු ලිපි පෙළ තුලින් වෙළදපොළක් යනු කුමක් ද? මුල්‍ය වෙළදපොළක් යනු කුමක්ද? පිලිබදව අවබෝධයක් ලබාදුන් අතර තව දුරටත් මුදල් වෙළදපොළක් යනු කුමක්ද? (What is a Money Market?) පිළිබද විස්තරාත්මකව ඉගෙන ගනිමු.

මුදල් වෙළදපොළක් යනු කුමක්ද?

කෙටිකාලින අරමුදල් හිගතා ඇති (අවශ්‍යතා ඇති) අයත් කෙටිකාලින අරමුදල් අතරික්තතා ඇති අයත් එම දෙපාර්ශවය මුණ ගස්වා ගනුදෙනුවක් සිදු කිරීමට කටයුතු කරන මුදල් තරව්කරුවන්ගෙන් සමන්විත වෙළදපොලක් මුදල් වෙළදපොළක් වේ.මුදල් වෙළදපොළක සිදුවන ගනුදෙනු වසරටකට වඩා අඩු කල්පිරිකමකින් යුක්ත වෙයි.

මුදල් වෙළදපොළ වර්ග මොනවාද?

සංවිධිත මුදල් වෙළදපොළ:-

යම් සම්මත හා නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව විධිමත් ලෙස මුදල් ගනුදෙනු සිදුකරන වෙළදපොළයි.මෙහි වර්ගීකරණයන් මෙලෙස දැක්විය හැක.

  • අභ්‍යන්තර විදේශ විනිමය මුදල් වෙළදපොළ
  • අන්තර් බැංකු එක්ෂණ මුදල් වෙළදපොළ
  • එතෙර බැංකු කටයුතු වෙළදපොළ
  • මහ බැංකු ප්‍රතිමිල දී ගැනුම් වෙළදපොළ
  • භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික හා ද්විතීක වෙළදපොළ
  • භාණ්ඩාගාර බිල්පත් සදහා මහා බැංකුවේ ප්‍රති මිලදී ගැනීම් සහ විකුණුම් වෙළදපොළ
  • වාණිජ පත්‍රිකා වෙළදපොළ
  • වාණිජ බැංකුවල කෙටිකාලින ණය වෙළදපොළ

අසංවිධිත මුදල් වෙළදපොළ:- 

යම් සම්මත හා නීත්‍යානුකූල ක්‍රමවේදයන්ගෙන් බැහැරව  අවිධිමත් ලෙස මුදල් ගනුදෙනු සිදුකරන වෙළදපොළයි.මෙහි ද වර්ගීකරණයන් මෙලෙස දැක්විය හැක.

  • පෞද්ගලික යැපුම් ණය සපයන පුද්ගලයින් සහ ආයතන
  • පෞද්ගලිකව ගිනි පොලියට ණය සැපයීම
  • සීට්ටුකරුවන්
  • උකස්කරුවන්
  • සූදු, රේස් හා ඔට්ටුකරුවන්

අන්තර් බැංකු එක්ෂණ මුදල් වෙළදපොළ යනු කුමක් ද?

දින හතක් හෝ ඊට අඩු කාලයකින් පියවීමට යටත්ව එක් බැංකුවකින් තවත් බැංකුවකට ලබා දෙනු ලබන ණය මුදල් ගනුදෙනු වන වෙළදපොළ මින් අදහස් කරයි.

 

අභ්‍යන්තර විදේශ විනිමය මුදල් වෙළදපොළ

රට තුල විදේශ විනිමය යොදා ගෙන කෙටිකාලීන ණය ගැනීම සහ කෙටිකාලීන ණය සැපයීම සිදුවන වෙළදපොළ මේ නමින් හදුන්වයි.මෙම වෙළදපොළේ ණයවර ලිපි විදේශ චෙක්පත්,සංචාරක චෙක්පත් ,අණකර, තැපැල් හා විදුලි පැවරුම් ආදිය භාවිතා කරමින් ගනුදෙනු සිදු වේ. කුටුම්බ,ව්‍යාපාර,රජය යන සියලු පාර්ශවයන් විදේශ විනිමය මුදල් වෙළදපොළ තුල ක්‍රියාත්මක වේ.(ප්‍රධාන වශයෙන් ආනයන හා අපනයන වෙළදාම )මෙහිදී විදේශ විනමය මුදල් වෙළදපොළේ මිල විනිමය අනුපාතිකය වේ.විනිමය අනුපාතය වෙළදපොළ බලවේග මත තීරණය වේ.විශේෂ අවස්ථා වලදී විදේශ විනිමය වෙළදපොළ කටයුතු සදහා මහ බැංකුව මැදිහත් වේ.

විනිමය අනුපාතය

  • එතැන් විනිමය අනුපාතය
  • ඉදිරි විනමය අනුපාතය

 

What is Offshore Banking? – එතෙර බැංකු කටයුතු වෙළදපොළ

අනුමත පුද්ගලයන්ගෙන් පිළිගත් විදේශ ව්‍යවහාර මුදලින් තැන්පතු භාරගැනීම හා අනුමත පුද්ගලයන්ට පිළිගත් විදේශ ව්‍යවහාර මුදලින් ණය සැපයීම සිදු කිරීම සදහා ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු තුල පිහිටුවා ඇති ඒකකය මේ නමින් හැදින්වේ.

 

What is  Treasury Bill Market? භාණ්ඩාගාර බිල්පත් වෙළදපොළ 

භාණ්ඩාගාර බිල්පත් විකිණීම හා මිලදී ගැනීම සිදුවන සහ භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනුවන වෙළදපොළ මේ නමින් හදුන්වයි. (රජයට අවශ්‍ය කෙටිකාලින ණය සපයා ගැනීමට භාවිතා වන මුල්‍ය උපකරණයක් වන භාණ්ඩාගාර බිල්පත් දින 91කදි , දින 182 කදී, දින 364කදි කල්පිරීමට ලක්වන අවස්ථා 3කින් මහ බැංකුව විසින් ආණ්ඩුව වෙනුවෙන් නිකුත්කරනු ලබයි.) මෙය උප වෙළදපොළවල් දෙකකින් සමන්විත වේ.

ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙළදපොළ

මහබැංකුව විසින් නිකුත්කරන භාණ්ඩාගාර බිලත් නිකුත් කරන මුල් අවස්ථාවේදී මිලදී ගන්නා වෙළදපොළ ලෙස හැදින්වේ. එනම් වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළදුන් (ප්‍රථමික වෙළදුන් යනු මහා බැංකුව විසින් අනුමත හා අවසර ලබා දි ඇති විශේෂිත ආයතනය් ය.) විසින් ප්‍රථම වරට මහ බැංකුවෙන් මිලදී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ය.

ද්විතීක භාණ්ඩාගාර බිල්පත් වෙළදපොළ

එනම් වාණිජ බැංකු සහ අනෙකුත් ප්‍රාථමික වෙළදුන් විසින් භාණ්ඩාගාර බිල්පත් නැවත ගනුදෙනු කරනා වෙළදපොළ ද්විතීක භාණ්ඩාගාර බිල්පත් වෙළදපොළ ලෙස හැදින්වේ.(ද්විතීක භාණ්ඩාගාර වෙළදපොළ බිහිවීමට පෙර මෙම භාණ්ඩාගාර බැදුම්කර මිලදී ගැනීමට මහා බැංකුව විසින් මුදල් නෝට්ටු අච්චු ගැසූ අතර නමුත් එම නිසා රටේ උද්දමනය වැඩි වීමක් සිදුවන හෙයින් ඒ සදහා විසදුමක් ලෙස භාණ්ඩාගාර මුදල් හුවමාරුවක් තුලින් එම මුදල් සපයාගැනීම දිවිතික වෙළදපොළක් මගින් සිදු කිරීම ආරම්භ විය.)

 

භාණ්ඩාගාර බිල්පත් පිළිබද ප්‍රාථමික වෙළදපොළෙහි ඉල්ලුම තීරණය කරන  සාධක

  • ද්විතීක වෙළදපොළේ පවතින ඉල්ලුම
  • භාණ්ඩාගාර බිල්පත් සදහා හිමිවන ඵලදා අනුපාතිකය.

භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් ප්‍රති මිලදී ගැනීමේ වෙළදපොළ – Re-Purchase Market – Repo

භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත් අයෙකු හට ද්‍රවශීලතාවය පිළිබද ප්‍රශ්නයක් ඇති වූ අවස්තාවක ඔහු සතු කල් පිරිම සිදු නොවූ භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් මිල දි ගනු ලැබීමට ඉඩකඩ සලසා ඇත.මෙම ගනුදෙනු සිදුවෙන වෙළදපොළ ප්‍රති මිලදී ගැනීමේ වෙළදපොළයි.

 

භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් ප්‍රති විකුණුම් වෙළදපොළ – Reverse Re-Purchase Market – Reverse Repo

සතිපතා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන අවස්ථාවේදී බැංකුවලට හෝ නියෝජිතයන්ට ද්‍රවශීලතාව නොමැති අවස්ථාවකදී ඉදිරි දිනයකදී මිලදී ගැනීමට මහ බැංකුව විසින් පහසුකම් සලසා ඇත. එනම් ඉදිරි දිනයකදී කල් පිරීමට නියමිත භාණ්ඩාගාර බිල්පත් විකිණීම සිදුවන වෙළදපොළ මහ බැංකුවේ ප්‍රති විකුණුම් වෙළදපොළ ලෙස හදුන්වයි.

භාණ්ඩාගාර බිල්පත් සදහා වට්ටම් වෙළදපොළ – Treasury Bill for Discount Market

මහ බැංකුව මිලදී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පත් ගිවිසුමකින් තොරව නැවත වාණිජ බැංකු වලට විකිණීම සම්බන්ධ වෙළදපොළ භාණ්ඩාගාර බිල්පත් වට්ටම් වෙළදපොළ ලෙස හැදින්වේ.

 

භාණ්ඩාගාර බිල්පත් සදහා ප්‍රති වට්ටම් වෙළදපොළ – Treasury Bill for Re Discount Market

වාණිජ බැංකුව විසින් මිලදී ගෙන තිබෙන පරිනත නොවූ භාණ්ඩාගාර බිල්පත් ගිවිසුමකින් තොරව නැවත මහ බැංකුවට විකිණීම සම්බන්ධ වෙළදපොළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිවට්ටම් වෙළදපොළ ලෙස හැදින්වේ.

 

භාණ්ඩාගාර බිල්පත් ඵලදායී ආයෝජන මාර්ගයක් වන්නේ ඇයි?

  • සුරක්ෂිත / අවදානම් රහිත ආයෝජනයක් වීම.
  • හොද ඉපැයීමක් ලබා ගත හැකිවීම.
  • කෙටිකාලීන ආයෝජන මාර්ගයක් වීම.
  • ඉහළ ද්‍රවශිලතාවක් පැවතීම.
  • නිර්ලේඛණගත සුරැකුම්පත් පියවීමේ පහසුකම් ලැබීම.
  • බහුවිධ කල්පිරීම් සහිත බිල්පත් හදුන්වා දි තිබීම නිසා කාලය අනුව ආයෝජනය කළ හැකි වීම.

 

භාණ්ඩාගාර බිල්පත් ආයෝජන මාර්ගයක් ලෙස ප්‍රචලිත කිරීම සදහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග

  • බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන් කිරීම.
  • භාණ්ඩාගාර බිල්පත් පිළිබද ද්විතීක වෙළදපොළ හදුන්වාදීම.
  • බහුවිධ කල්පිරීම් සහිතව නිකුත් කිරීම.
  • නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ ක්‍රමය හදුන්වා දීම.
  • ප්‍රති මිලදී ගැණුම් හා ප්‍රති විකුණුම් වෙළදපොළ හදුන්වා දීම.

 

වාණිජ පත්‍රිකා වෙළදපොළ – Commercial Paper Market

වාණිජ පත්‍රිකා විකිණීම හා මිල දි ගැනීම සිදුවන වෙළදපොළ මේ නමින් හදුන්වයි. ඉහළ කීර්තිනාමයක් ඇති ජනප්‍රිය සමාගම් තම කෙටිකාලීන ද්‍රවශීලතා අවශ්‍යතා (කාරක ප්‍රාග්ධන අවශ්‍යතා )සපුරා ගැනීම සදහා මෙම වාණිජ පත්‍රිකා නිකුත් කරනු ලබයි.

Related Posts